කළමනාකරණ සැලැස්ම

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට කළමනාකරණ සැලැස්මක් සකස් කරමින් පවතී. ප්‍රධාන ක්ෂේත්‍ර 5ක් යටතේ ක්‍රියාකාරකම් කළමනාකරණය කිරීම සහ නියාමනය කිරීම සඳහා කළමනාකරණ උපාය මාර්ග සංවර්ධනය කිරීම එහි අරමුණයි.

01. ධීවර කළමනාකරණය

MP03
  • බලපත්‍ර ක්‍රමයක් හරහා ධීවර කටයුතු නියාමනය කිරීම.

  • පාරම්පරික ධීවර අයිතීන් සුරැකීම.

  • වාණිජ ධීවර කර්මාන්තය තහනම් කිරීම.

02. සංචාරකයන් කළමනාකරණය

MP02
  • නැංගුරම් බෝයාවන් ස්ථාපිත කිරීම.

  • බලපත්‍ර පද්ධතියක් හරහා ස්නෝකර්ලිං (snorkeling) සහ කිමිදීම (Scuba diving) නියාමනය කිරීම.

  • ආචාර ධර්ම පද්ධතියක් ස්ථාපිත කිරීම.

  • ක්‍රියාකාරකම් නිවැරදිව සිදුකිරීම සඳහා ප්‍රාදේශිය ක්‍රියාකරුවන් පුහුණු කිරීම.

03. ප්‍රජා කළමනාකරණය

MP04
  • තිරසාර ජීවනෝපාය වැඩසටහන් සඳහා සහාය වීම

  • කොරල් පර මතින් නිස්සාරණය කර නොගන්නා සම්පත් මත පදනම් වූ ජීවනෝපායන් සඳහා අවශ්‍ය පුහුණුව සැපයීම

  • ප්‍රාදේශිය ප්‍රජාවන් අධීක්‍ෂණය සහ නිරීක්‍ෂණය සඳහා සම්බන්ධ කර ගැනීම.

04. අධ්‍යාපනය සහ දැනුවත් කිරීම

MP05
  • ප්‍රාදේශිය සම්පත් භාවිතා කරන්නන් සමඟ තොරතුරු හුවමාරු කර ගැනීම

  • පාසල් වැඩසටහන් පැවැත්වීම

  • සංචාරකයන් දැනුවත් කිරීම

05. පර්යේෂණ

res
  • දිගු කාලීන කොරල්පර නිරීක්ෂණ වැඩසටහනක් ඇතිකිරීම.

  • ප්‍රමුඛතා පර්යේෂණ ව්‍යාපෘති හඳුනා ගැනීම.

  • කළමනාකරණයට සහාය වීම සඳහා ව්‍යවහාරික පර්යේෂණ පැවැත්වීමට හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම

Sinhala