කළමනාකරණය සඳහා ප්‍රධාන පර්යේෂණ
අනුවර්තන, දැනුම මත පදනම් කරගත් කළමනාකරණ මැදිහත්වීම් උදෙසා සහාය වීම සඳහා කායන්කර්නි සමුද්‍ර අභයභූමිය තුළ පහත සඳහන් පර්යේෂණ ක්ෂේත්‍ර ප්‍රමුඛතා ක්ෂේත්‍ර ලෙස හඳුනාගෙන ඇත:
![RES003 RES003](https://kayankerni.org/wp-content/uploads/2022/10/RES003.jpg)
![RES002 RES002](https://kayankerni.org/wp-content/uploads/2022/10/RES002.jpg)
- කොරල්පර, මුහුදු තෘණ වාසස්ථාන සහ මත්ස්‍ය ප්‍රජාවන් වාර්ෂිකව, දිගුකාලීනව අධීක්ෂණය කිරීම
- කොරල්පර විරංජනය සහ කොරල් වෙත වැළඳෙන රෝග වල බලපෑම්
- කුඩා කොරල් ගහන අලුතින් ආරම්භ වීමේ රටා
- උෂ්ණත්ව වෙනස්වීම් සහ සංසරණ රටා පිළිබඳ සාගර විද්‍යාත්මක පර්යේෂණ
- දිගුකාලීන ජල තත්ත්ව අධීක්ෂණය
- ඉලක්කගත ගල්පර මත්ස්‍ය විශේෂවල ගහන තක්සේරුව
- මසුන් ඇල්ලීමේ උත්සාහයන් සහ ධීවර බිම් පිළිබඳ තොරතුරු
අඛණ්ඩ පර්යේෂණ සහ අධීක්ෂණය
![RES006 RES006](https://kayankerni.org/wp-content/uploads/2022/10/RES006.jpg)
![RES005 RES005](https://kayankerni.org/wp-content/uploads/2022/10/RES005.jpg)
- කොරල් ආවරණය, උපස්ථර සංයුතිය සහ තෝරාගත් ගල්පර මත්ස්‍ය කණ්ඩායම් වාර්ෂිකව නිරීක්ෂණය කිරීම.
- මුහුදු තෘණ ආවරණය සහ විශේෂ සංයුතිය වාර්ෂිකව නිරීක්ෂණය කිරීම.
- කුඩා කොරල් ගහන අලුතින් ආරම්භ වීමේ රටා ලේඛනගත කිරීම.
- කුඩා පරිමාණ ධීවර කර්මාන්තයේ දී ඉලක්ක වන මත්ස්‍ය විශේෂ සංයුතිය සහ මසුන් ඇල්ලීමේ උත්සාහය වාර්තා කිරීම.
- මෝරුන් සහ මඩුවන් වැනි කාටිලේජමය මසුන් (Elasmobranchs) සංයුතිය සහ විශේෂ ලැයිස්තු ගත කිරීම.
අතීත පර්යේෂණ
![RES001 RES001](https://kayankerni.org/wp-content/uploads/2022/10/RES001.jpg)
![RES004 RES004](https://kayankerni.org/wp-content/uploads/2022/10/RES004.jpg)
- කායන්කර්නි සමුද්‍ර අභයභූමිය තුළ GIS පදනම් කරගත් කොරල්පර සිතියම්ගත කිරීම
- වාසස්ථාන තක්සේරු කිරීම.