ප්‍රජාව

කායන්කෙර්නි යනු නැගෙනහිර ශ්‍රී ලංකාවේ සාපේක්ෂව කුඩා ග්‍රාමීය ප්‍රජාවක් සහිත ප්‍රදේශයකි. මෙම ප්‍රදේශය ශ්‍රී ලංකා සිවිල් ගැටුමෙන් සහ 2004 ඉන්දියානු සාගර සුනාමියෙන් ද දැඩි ලෙස බලපෑමට ලක් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රදේශය සාපේක්ෂව අඩු ආර්ථික සංවර්ධනයක් සහ ගෘහ ආදායමක් සහිත ප්‍රදේශයක් බවට පත්විය. කායන්කර්නි ග්‍රාම නිලධාරී වසමේ මුළු ජනගහනය පවුල් 422කට අයත් පුද්ගලයන් 1297කි. බොහෝ මිනිසුන් තවමත් සාම්ප්‍රදායික ජීවන රටාවක නියැලෙන අතර තම ජීවනෝපාය සඳහා මුහුදෙන් හෝ ගොඩබිමෙන් යැපෙමින් සිටිති. රටේ වඩාත් සාම්ප්‍රදායික හා ගතානුගතික කොටසක් වුවද මුළු පවුල් 422 න් 90 ක් කාන්තාවන් විසින් ගෘහ මූලිකත්වය ගනු ලබයි (මෙහෙයවනු ලැබේ). ප්‍රාදේශිය පාසල මඩකළපුව/කායන්කර්නි සරස්වතී විද්‍යාලය ප්‍රාථමිකයේ සිට උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා දෙන අතර දැනට සිසුන් 378ක් සහ ගුරුවරුන් 26ක් සිටී. එය මුලින් 1953 දී බෙන්ජමින් ප්‍රනාන්දු විසින් ආරම්භ කරන ලද අතර එය රෝමානු කතෝලික දෙමළ පාසල ලෙස ද හැඳින්වේ.

ප්‍රදේශයේ වෙරළබඩ ප්‍රජාවන්ගේ ප්‍රධාන ජීවනෝපාය ධීවර කර්මාන්තය වන අතර බොහෝ ධීවරයින් සාම්ප්‍රදායික මෝටර් රහිත යාත්‍රා (ඔරු) සහ පිටත එන්ජින් සහිත ෆයිබර්ග්ලාස් බෝට්ටු භාවිතා කරමින් කුඩා පරිමාණ ධීවර කර්මාන්තයේ නිරත වේ. මසුන් ඇල්ලීම බොහෝ දුරට වෙරළේ සිට කිලෝමීටර 5 ක් ඇතුළත වෙරළබඩ මුහුදු තීරයේ සිදු කරනු ලබයි. ඉලක්කගත මත්ස්‍ය විශේෂයන් සෘතුමය බහුලත්වය මත පදනම්ව වෙනස් වන අතර මසුන් ඇල්ලීමේ ප්‍රදේශ ද එම ධීවර ප්‍රදේශ වෙත ප්‍රවේශ වීමට බලපාන කාලගුණික තත්ත්වයන් මත සැලකිය යුතු ලෙස රඳා පවතී. ප්‍රදේශයේ භාවිතා වන ප්‍රධාන ධීවර ආම්පන්න වර්ග වන්නේ ප්ලාවිත දැල් (drift gill nets), මුහුදේ ගිල්වන දැල් (bottom nets), යොත් (hand lines), bottom long lines සහ සාම්ප්‍රදායික මාළු උගුල් ය. ඉලක්කගත විශේෂ අතරට කොස්සන්, මීවැටියන් සහ රන්නන් වැනි විවිධ කොරල් පර ආශ්‍රිත මත්ස්‍යයන්, සාලයන් සහ හුරුල්ලන් වැනි කුඩා පෙලාජික මත්ස්‍යයින් සහ පරව්, සීලාවන්, කිංෆිෂ් සහ ස්පාඤ්ඤ මැකරල් වැනි විශාල පෙලාජික මත්ස්‍ය විශේෂ මෙන්ම දැල්ලන් වැනි අපෘෂ්ඨවංශීන් ද ඇතුළත් වේ. මුහුදු අට්ටි, චන්ක් (Turbinella pyrum) සහ කොරල් පර ආශ්‍රිත විසිතුරු මසුන් එකතු කිරීමේ කර්මාන්තය ද ඇත. මෙය කිමිදුම්කරුවන් විසින් සිදු කරනු ලැබේ.

 

අනෙකුත් ජීවනෝපාය ක්‍රියාකාරකම් අතර කෘෂිකර්මාන්තය, ප්‍රධාන වශයෙන් සහල් වගාව සහ කිරි නිෂ්පාදනය සඳහා ගවයන් ඇති දැඩි කිරීම මත පදනම් වේ. කෙසේ වෙතත්, වසර පුරා බෝග වගාව සඳහා ජලය නොමැතිකම නිසා කෘෂිකර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වේ. කුඩා ගෘහ කර්මාන්ත ද බහුලව පවතින අතර ගෘහස්ථ ආදායමට ඒවාද දායක වේ. බොහෝ මිනිසුන්, විශේෂයෙන් කාන්තාවන්, කරවල නිෂ්පාදනය ඇතුළු මාළු සැකසීමේ සහ වෙළඳාමේ නිරත වේ. සංචාරක ව්‍යාපාරය ප්‍රදේශයේ බොහෝ දෙනෙකුට ආර්ථික අවස්ථාවන්හි විභවයන් සපයන නව මූලාශ්‍රයක් ලෙස සැලකේ.

Sinhala