ජෛව විවිධත්වය

කායන්කර්නි කොරල්පරය යනු උතුරේ වාකරේ සිට දකුණේ කල්කුඩා දක්වා විහිදෙන වෙරළාසන්න කොරල්පර සංකීර්ණයක කොටසකි. මීට අමතරව, කොරල්පර ප්‍රජාවන් සහිත පාෂාණමය ගල්පර, මියගිය කොරල් කැබලි, වැලි සහ කොරල්පර සහිත ප්‍රදේශ කායන්කර්නි මුහුද දෙසට වන්නට මීටර් 10-15 ක් පමණ ගැඹුරින් පිහිටා ඇත. කායන්කර්නි සමුද්‍ර අභයභූමිය තුළ ඇති කොරල්පර තෙන්නඩි බොක්ක දක්වාද, වැන්ඩර්ලූස් බොක්කෙහි උතුරු ප්‍රදේශය දිගේ පහළටද විහිදේ. කායන්කර්නි සමුද්‍ර අභයභූමිය කොරල්පර ප්‍රදේශ තුනකින් සමන්විත වේ; ඒ එලිෆන්ට් පොයින්ට් හි ශීර්ෂ භූමිය වටා ඇති ආන්තික කොරල්පර පද්ධතියක් (fringing reef), වෙරළ තීරයේ සිට කිලෝමීටර 2 ක් පමණ දුරින් පිහිටි පැච් කොරල් පර පද්ධතියක් (patch reef) සහ එලිෆන්ට් පොයින්ට් සිට උතුරින් වෙරළට ආසන්න ආන්තික කොරල්පර පද්ධතියක් (fringing reef) වශයෙනි.

 

කොරල්පර සහිත ප්‍රදේශය නොගැඹුරු වන අතර උපරිම ගැඹුර මීටර් 8 ක් පමණ වේ. නොගැඹුරුම ප්‍රදේශ මීටර් 1 ට වඩා අඩු වන අතර, විශේෂයෙන් වෙරළබඩ ආන්තික කොරල් පර (fringing reef) බාදිය අවස්ථාවල දී මතුපිටට නිරාවරණය වේ. කොරල් පරයේ මුහුදු දෙසට වන මායිම් හොඳින් අර්ථ දක්වා ඇති spur සහ groove සැකැස්මකින් සමන්විත වේ. කොරල්පර ප්‍රජාවන් සමන්විත වන්නේ Massive, Sub-massive, Encrusting, Foliose, Plate-like, Digitate සහ Branching කොරල් ජනපදවල මිශ්‍රණයකිනි. මෙයට නිරෝගී, අතු බෙදී ගිය සහ පුළුල් ලෙස පැතිරුණු Acropora සහ foliose Echinopora යන වර්ග මෙන්ම විෂ්කම්භය මීටර් 5 ඉක්මවන විශාල Porites domes ද ඇතුළත් වේ. ආන්තික කොරල් පර (fringing reef) කලපුව සහ වෙරළට ආසන්න ප්‍රදේශ හුදකලා කොරල් ජනපද, කොරල් පාෂාණ, ඇල්ගී සහ මුහුදු තණබිම් වලින් සමන්විත වේ. එලිෆන්ට් පොයින්ට් තුඩුව තුළ කඩොලාන සහ කලපු වාසස්ථාන දක්නට ලැබේ.

කායන්කර්නි සමුද්‍ර අභයභූමියේ ජෛව විවිධත්වය තවමත් සම්පූර්ණයෙන් තක්සේරු කර නොමැති අතර දැනට පවතින විශේෂ ලැයිස්තුවෙන් නියෝජනය වන්නේ එම ප්‍රදේශයේ සත්‍ය වශයෙන් දක්නට ලැබෙන විශේෂවලින් කුඩා ප්‍රතිශතයක් පමණි. දැනට, කායන්කර්නි අවට දෘඩ කොරල්පර විශේෂ 50 කට වඩා වාර්තා වී ඇති අතර වඩාත් සුලභ වන්නේ Acropora formosa, A. yongei, Echinopora lamellosa, Favia spp., Favites spp., Montipora aequituberculata, Pocillopora damicornis, P. verrucosa, Porites lutea, P. solida, P. rus. විශේෂයි. Sinularia, Sarcophyton සහ Lobophytum ගණයට අයත් මෘදු කොරල් විශේෂ කිහිපයක් ද දක්නට ලැබේ. පනවා මත්ස්‍ය (Butterfly fish) විශේෂ 18ක් ඇතුළුව කොරල් පර ආශ්‍රිත මත්ස්‍ය විශේෂ 246ක් ද වාර්තා වී ඇත. බහුලව දක්නට ලැබෙන කොරල් පර ආශ්‍රිත මත්ස්‍යයන් අතරට රන්නන් (Snappers), fusiliers, බෝරලුවන් (Sweetlips), parrotfish, ඕරාවන් (Surgeonfish), damselfish, butterflyfish, angelfish, gobies සහ ගිරෙවන් (wrasses) ඇතුළත් වේ. සාමාන්‍ය Butterfly මත්ස්‍ය විශේෂ වලට Chaetodon auriga, Chaetodon decussatus, Chaetodon meyeri, Chaetodon trifascialis, Chaetodon trifasciatus, Chaetodon vagabundus, and Heniochus acuminatus ඇතුළත් වේ. නිතර දැකිය හැකි අපෘෂ්ඨවංශීන් අතරට මුහුදු අට්ටි, තාරකා මසුන්, මුහුදු ඉකිරියන්, ස්පොන්ජ්, feather stars, නූඩිබ්‍රාන්ච්, මොලුස්කාවන්, පොකිරිස්සන්, ඉස්සන් සහ ඇනිමෝන් ඇතුළත් වේ. මුහුදු තෘණ වාසස්ථාන වල මුහුදු තෘණ විශේෂ 5 ක් අඩංගු වන අතර වඩාත් සුලභ වන්නේ Cymodocea serrulata වේ.

Sinhala