ක්‍රියාකාරකම්

කායන්කර්නි සමුද්‍ර අභයභූමිය නරඹන්නන් සඳහා දිය යට සහ ගොඩබිම් ආශ්‍රිත ආකර්ශනීය ස්ථාන ඇතුළු විවිධ ස්වභාවික ආකර්ශනීය ස්ථාන ඇත.

ස්නෝර්ක්ලින්

AT02

නොගැඹුරු කොරල්පර නීරෝගී කොරල් උද්‍යාන සහ වර්ණවත් ගල්පර මසුන්ගෙන් සමන්විත වන බැවින් ස්නෝකර්ලිං සඳහා සුදුසු ය. කායන්කර්නි කොරල් පරය වෙරළට මඳක් දුරින් පිහිටා ඇති නිසා Snorkelling බෝට්ටුවක් මගින් කොරල් පරය වෙත ලඟා විය යුතුය. කොරල් පරය වෙත ස්නෝකර්ලිං චාරිකා සපයන බෝට්ටු ක්‍රියාකරුවන් කායන්කර්නි (විනාඩි 5) සහ පාසිකුඩා (විනාඩි 30-40) හි සොයා ගත හැකිය. පාසිකුඩා හි වැඩි බෝට්ටු ක්‍රියාකරුවන් ප්‍රමාණයක් සිටින නමුත් කෙටි කාලයකින් කායන්කර්නි සිට කොරල් පරය වෙත ලඟා විය හැකි බැවින් කායන්කර්නි සිට කොරල් පරය වෙත ප්‍රවේශ වීම නිර්දේශ කළ හැකිය. කායන්කර්නි කොරල්පරයට අමතරව තෙන්නඩි බොක්කෙහි ඇති මුහුදු තණබිම් ද ගවේෂණය කිරීමට සිත්ගන්නා සුළු ප්‍රදේශයකි. කායන්කර්නි හි වෙරළට ඔබ්බෙන් පිහිටා ඇති නිසා මෙම මුහුදු තණබිම් වෙත බෝට්ටුවක් නොමැතිව ප්‍රවේශ විය හැකිය. මාර්තු සිට ඔක්තෝබර් දක්වා Snorkelling කළ හැකිය. නොවැම්බර් සිට පෙබරවාරි දක්වා ඊසානදිග මෝසම නිසා ඇතිවන රළු මුහුදු තත්ව සහ අඩු දෘෂ්‍යතාව ස්නෝකර්ලිං සහ කිමිදුම් කටයුතු සඳහා නුසුදුසු වේ.

Snorkelling සමය: මාර්තු සිට ඔක්තෝබර් දක්වා

Snorkelling සඳහා හොඳම කාලය: අප්‍රේල් සිට ජූනි දක්වා සහ සැප්තැම්බර් සිට ඔක්තෝබර් දක්වා

ස්කුබා කිමිදීම

AT01

කායන්කර්නි සමුද්‍ර අභයභූමියේ සහ ඒ අවට ස්කූබා කිමිදීම සඳහා නොගැඹුරු කොරල් උද්‍යාන, ගැඹුරු කොරල් පර වල සිට නැව් සුන්බුන් දක්වා ගවේෂණය කිරීමට විවිධ ස්ථාන රැසක් ඇත. සමුද්‍ර අභයභූමිය තුළ ඇති සියලුම කිමිදුම් ස්ථාන මීටර් 10 ට වඩා අඩු ගැඹුරක පිහිටා ඇති අතර සියලු මට්ටම් වල කිමිදුම්කරුවන් සඳහා සුදුසු වේ. වෙරළට ඔබ්බෙහි වූ කොරල් පර, විශාල ගෝලාකාර පොරයිට්ස් සහ කුඩා ගුහා වලින් සමන්විත නිසා මෙම ප්‍රදේශ කිමිදීම සඳහා වඩාත් යෝග්‍ය වේ.

සමුද්‍ර අභයභූමියට පිටතින් මදක් ගැඹුරු ජලයේ Anemone City සහ Leather Coral Reef ලෙස හදුන්වන කොරල් පර ඇතුළත් ගල් පර මාලාවක් ඇත. මේවා දෘඩ හා මෘදු කොරල්පර, ස්පොන්ජ් සහ මුහුදු ඇනිමෝනි සහිත පාෂාණමය වාසස්ථාන වේ. SS British Sergeant ලෙස හදුන්වන දෙවන ලෝක යුද සමයේ දී මුහුදුබත් වූ නැවෙහි සුන්බුන් කායන්කර්නි සිට කිලෝමීටර 7 ක් දුරින් මීටර් 25 ක් ගැඹුරින් පිහිටා ඇති අතර SS Lady McCallum නැවෙහි සුන්බුන් සමුද්‍ර අභයභූමියට පිටත මීටර් 18 ක් ගැඹුරින් පිහිටා ඇත. ප්‍රදේශයේ ඇති අනෙකුත් සුන්බුන් අතරට පාසිකුඩා හි නොගැඹුරු මුහුදේ ඇති සුන්බුන් කිහිපයක් සහ මීටර් 45 ක් ගැඹුරින් ඇති Catalina PBY-5A යානයේ සුන්බුන් ඇතුළත් වේ. ප්‍රදේශයේ කිමිදුම් ක්‍රියාකරුවන් ලෙස දැනට ඇත්තේ කායන්කර්නි හි ගිමන් ෆ්රී හෝටලයේ Scuba Addicts සහ පාසිකුඩා හි මැරීන් බීච් හෝටලයේ LSR පමණකි.

කිමිදුම් සමය: මාර්තු සිට ඔක්තෝබර් දක්වා

කිමිදීම සඳහා හොඳම කාලය: අප්‍රේල් සිට ජූනි දක්වා සහ සැප්තැම්බර් සිට ඔක්තෝබර් දක්වා

කුරුල්ලන් නැරඹීම

AT03

වෙරළබඩ කලපු, කඩොලාන සහ මුහුදු වෙරළ හොඳ කුරුල්ලන් නැරඹීමේ අවස්ථාවන් සපයයි. වඩාත් සුලභ විශේෂ අතරට ජලජ කුරුල්ලන් සහ වෙරළබඩ සාගර විශේෂ වන terns, ලිහිණි, තාරාවන්, cormorants, කොකුන් සහ egrets මෙන්ම බ්‍රාහ්මිණී රාජාලීන් සහ මුහුදු රාජාලීන් වැනි රැප්ටර් ද ඇතුළත් ය. නොවැම්බර් සිට මාර්තු දක්වා ප්‍රදේශයේ ශීත ඍතු සංක්‍රමණිකයන් දැකිය හැකිය. කුරුල්ලන් නැරඹීම සඳහා වඩාත් උචිත ප්‍රදේශ අතර කායන්කර්නි කලපුව, එලිෆන්ට් පොයින්ට් තුඩුව සහ කලපුව ආශ්‍රිත කඩොලාන සහ වෙරළබඩ ගල් පර්වත ඇතුළත් වේ.

කුරුල්ලන් නැරඹීමේ සමය: වසර පුරා

කුරුල්ලන් නැරඹීම සඳහා හොඳම කාලය: ඔක්තෝබර් සිට අප්‍රේල් දක්වා

කලපු චාරිකා

AT04

බෝට්ටුවකින් වෙරළබඩ කඩොලාන වනාන්තර ගවේෂණය කිරීම බොහෝ පක්ෂීන්, උරගයින්, කකුළුවන් සහ අනෙකුත් අපෘෂ්ඨවංශීන් නැරඹීමට හැකි ඉතා අගනා අත්දැකීමක් වේ. විධිමත් කලපු චාරිකා දැනට නොමැති වුවද කඩොලාන සහිත කලපු තුළ නිස්කලංක ජලය හරහා සංචාරයක් සඳහා ඔබව රැගෙන යාමට ප්‍රාදේශිය ධීවරයින් සතුටින් ඉදිරිපත් වේ.

වාරය: වසර පුරා

හොඳම කාලය: මාර්තු සිට ඔක්තෝබර් දක්වා

සෘතු සහ කාලගුණය

ශ්‍රී ලංකාව සමකයට මදක් ඉහළින් පිහිටි දූපතක් වන අතර එය නිවර්තන දේශගුණයකට හිමිකම් කියයි. එය ඉන්දියානු සාගර මෝසම් තත්ත්වයන් මත රඳා පවතී. පවතින මෝසම් තත්ව මත පදනම්ව තෙත් සහ වියලි ලෙස සෘතු වර්ගීකරණය කර ඇති අතර වාර්ෂික උෂ්ණත්වයේ සාපේක්ෂව කුඩා වෙනසක් ඇත. වර්ෂාපතන මට්ටමට සහ සුළඟට බලපාන ප්‍රධාන සෘතු හතරක් ඇති අතර, ඒ අනුව මුහුදු තත්ත්වයන් ද වෙනස් වේ.

පළමු අන්තර් මෝසම් (මාර්තු - අප්‍රේල්) යනු අඩු සුළං, සන්සුන් මුහුද සහ හොඳ දිය යට දෘෂ්‍යතාවක් සහිත කාල පරිච්ඡේදයකි (විශේෂයෙන් අප්‍රේල් මාසයේදී). මෙම කාලය තුළ විටින් විට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි නමුත් කාලගුණය බොහෝ දුරට වියලි සහ අව්ව සහිත වේ.

නිරිතදිග මෝසම් (මැයි - සැප්තැම්බර්) යනු වෙනස් වන සුළු සුළං සහිත කාල පරිච්ඡේදයකි. මැයි සිට ජූනි දක්වා සහ සැප්තැම්බර් මාසයේදී ද සාමාන්‍යයෙන් සැහැල්ලු සුළං, බොහෝ දුරට සන්සුන් මුහුද සහ උණුසුම්, අව්ව සහිත දින ඇත. ජූලි සහ අගෝස්තු මාසවලදී නිරිත දිග මෝසම් වර්ෂාවෙන් ශ්‍රී ලංකාව හරහා බටහිර දෙසින් හමන තද සුළං ඇති වන අතර එමඟින් වෙරළට ඔබ්බෙහි රළු මුහුදු තත්ත්වයන් නිර්මාණය වේ.

දෙවන අන්තර් මෝසම් (ඔක්තෝබර් - නොවැම්බර්) සාමාන්‍යයෙන් සන්සුන් මුහුදක් ඇති නමුත් නිතර සවස් වරුවේ වැසි ඇත. ඊසාන දිග මෝසම් ආරම්භයත් සමඟ සුළං සහ මුහුදු ප්‍රදේශ රළු වීමත් සමඟ නොවැම්බර් මාසය දක්වා වර්ෂාපතනය වැඩිවේ.

ඊසානදිග මෝසම් (දෙසැම්බර් - පෙබරවාරි) දෙසැම්බර් සහ ජනවාරි මාසවල තද සුළං ඇති අතර නිතර වැසි ඇති වේ. මෙම කාලය තුළ මුහුදු තත්ත්වය රළු වේ. මෙම කාලය තුළ ස්නෝකර්ලිං, කිමිදීම හෝ සමුද්‍ර බෝට්ටු සංචාර වැනි ජලය පදනම් කරගත් ක්‍රියාකාරකම් කළ නොහැක.

Sinhala