පර්යේෂණ

කළමනාකරණය සඳහා ප්‍රධාන පර්යේෂණ

අනුවර්තන, දැනුම මත පදනම් කරගත් කළමනාකරණ මැදිහත්වීම් උදෙසා සහාය වීම සඳහා කායන්කර්නි සමුද්‍ර අභයභූමිය තුළ පහත සඳහන් පර්යේෂණ ක්ෂේත්‍ර ප්‍රමුඛතා ක්ෂේත්‍ර ලෙස හඳුනාගෙන ඇත:

RES003
RES002
  • කොරල්පර, මුහුදු තෘණ වාසස්ථාන සහ මත්ස්‍ය ප්‍රජාවන් වාර්ෂිකව, දිගුකාලීනව අධීක්ෂණය කිරීම

  • කොරල්පර විරංජනය සහ කොරල් වෙත වැළඳෙන රෝග වල බලපෑම්

  • කුඩා කොරල් ගහන අලුතින් ආරම්භ වීමේ රටා

  • උෂ්ණත්ව වෙනස්වීම් සහ සංසරණ රටා පිළිබඳ සාගර විද්‍යාත්මක පර්යේෂණ

  • දිගුකාලීන ජල තත්ත්ව අධීක්ෂණය

  • ඉලක්කගත ගල්පර මත්ස්‍ය විශේෂවල ගහන තක්සේරුව

  • මසුන් ඇල්ලීමේ උත්සාහයන් සහ ධීවර බිම් පිළිබඳ තොරතුරු

අඛණ්ඩ පර්යේෂණ සහ අධීක්ෂණය

RES006
RES005
  • කොරල් ආවරණය, උපස්ථර සංයුතිය සහ තෝරාගත් ගල්පර මත්ස්‍ය කණ්ඩායම් වාර්ෂිකව නිරීක්ෂණය කිරීම.

  • මුහුදු තෘණ ආවරණය සහ විශේෂ සංයුතිය වාර්ෂිකව නිරීක්ෂණය කිරීම.

  • කුඩා කොරල් ගහන අලුතින් ආරම්භ වීමේ රටා ලේඛනගත කිරීම.

  • කුඩා පරිමාණ ධීවර කර්මාන්තයේ දී ඉලක්ක වන මත්ස්‍ය විශේෂ සංයුතිය සහ මසුන් ඇල්ලීමේ උත්සාහය වාර්තා කිරීම.

  • මෝරුන් සහ මඩුවන් වැනි කාටිලේජමය මසුන් (Elasmobranchs) සංයුතිය සහ විශේෂ ලැයිස්තු ගත කිරීම.

අතීත පර්යේෂණ

RES001
RES004
  • කායන්කර්නි සමුද්‍ර අභයභූමිය තුළ GIS පදනම් කරගත් කොරල්පර සිතියම්ගත කිරීම

  • වාසස්ථාන තක්සේරු කිරීම.

  • Coral metabolomics

  • Coral reef photogammetry

Sinhala